දිස්ත්‍රික්ක 19 කට සිකුරාදා දක්වා යළි ඇදිරි නීතිය

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් අවදානම් කලාප ලෙස නම් කෙරුණු කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල හැර සෙසු සියලු දිස්ත්‍රික්ක 19ක අද උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබීය. එම දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.
ඒ අනුව අද සිට ලබන සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය , පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.