මෙරට හයවැනි කොරෝනා මරණය වාර්තා වේ.

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය හය වෙනි මරණය අද උදෑසන වාර්තා විය. කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පුද්ගලයකු මෙසේ මිය ගොස් ඇති අතර ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන් වේ. ඒ අනුව කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් මෙරට මරණ හයක් මේ වන විට වාර්තා වී ඇති අතර කොරොනා වෛරසය වැළඳී ඇති රෝගීන් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 38 දෙනකු පූර්ණ සුවය ලබා ඇති අතර 136 දෙනකු තවමත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අනුර ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටී.
මේ අතර බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබේ. ඔවුන් වයස අවුරුදු 62 සහ 72 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.