කෝටි 2ක රසායනික මත් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බව පැවසෙන රුපියල් කෝටි 20 ක පමණ වටිනාකමින් යුත් , මැන්ඩි , නම් කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (16 වැනිදා) දෙහිවල පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ. ඒ අනුව ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් දෙහිවල පොලිස් ස්ථානයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී අම්බලන්ගොඩ පටබැඳිමුල්ල වෙරළ මාවත ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයකින් මෙම මත් ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි.
මැන්ඩි, නැමැති කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් එහිදී සොයාගෙන තිබේ.