සියයට 71ක් ඡන්දය භාවිත කරයි

දිවයිනේ ම ඡන්ද දායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මහ මැතිවරණ ඡන්ද විමසීම නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ පිළිබඳ කියා සිටියේය.
ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයන් මෙසේ ය.
ගාල්ල සියයට 69, නුවරඑළිය සියයට 75, බදුල්ල සියයට 74, ත්‍රිකුණාමලය සියයට 74, මොනරාගල සියයට 74, වන්නි සියයට 73, රත්නපුර සියයට 73, හම්බන්තොට සියයට 73, කොළඹ සියයට 72, දිගාමඩුල්ල සියයට 72, මඩකලපුව සියයට 72, පොළොන්නරුව සියයට 71, කෑගල්ල සියයට 71, මාතර සියයට 71, කළුතර සියයට 71, මාතලේ සියයට 71, මහනුවර සියයට 71, අනුරාධපුරය සියයට 71, ගාල්ල සියයට 69, කුරුණෑගල සියයට 69, ගම්පහ සියයට 69, යාපනය සියයට 64,
පුත්තලම සියයට 63,
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 22 ක් නියෝජනය කරමින් දේශපාලන පක්ෂ 20 කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු ඉදිරිපත් ව සිටියේය.
2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූපහකි.