එස්.එෆ්. ලොක්කා මරුට

අද (05) උදෑසන අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඉරෝන් රණසිංහ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා නැමැත්තා ඝාතනයට ලක්වී තිබේ.
අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි එස්.එෆ්.ලොක්කා අද උදෑසන 11.45ට පමණ අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී තවත් කාන්තාවක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙසේ නාදුනන තුවක්කු- කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව එම මෝටර් රථයද ගිනිගෙන විනාශ වී තිබේ.