ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සතියක් යන තුරු පෙළපාලි සහ රැස්වීම් තහනම්

සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සතියක් යන තුරු කිසිදු පෙළපාලි සහ රැස්වීම් තහනම් බව පොලිසිය පවසයි. පශ්චාත් මැතිවරණ සමය තුළ සාමය ආරක්‍ෂා කර ගැනීමට සහාය ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය පවසයි. මේ අතර මැතිවරණය පැවති අද දිනයේ මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්‍ෂකයෙක් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.