කොවිඩ් වැළඳුණු නාවික හමුදා සාමාජිකයන් 901 ක් සම්පූර්ණ සුවය ලබයි

වැලිසර නාවික හමුදා කඳවුර කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වූ කොවිඩ් 19 රෝගය වැළඳුණු නාවික හමුදා සාමාජිකයන්ගෙන් පස් දෙනකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. කොවිඩ් ආසාදිත රණවිරුවන් 906ක් අතරින් මේ වනවිට 901ක් දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.