අගමැතිගෙන් තේ මණ්ඩලයට උපදෙස්

නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති මධ්‍යම පළාතේ තේ කර්මාන්තශාලා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකොට සතියක් ඇතුළත එම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය.

අදාළ තේ කර්මාන්ත ශාලාවලට වෙන වෙනම පරීක්ෂණ කටයුතු සිදු කොට ඉතා ඉක්මනින් එම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අගමැතිවරයා තේ මණ්ඩලයේ සභාපතිවරයාට එහිදී උපදෙස් දෙනු ලැබිණි.

එලෙසම නීති විරෝධී ආකාරයේ තේ නිෂ්පාදනයක් කර්මාන්ත ශාලා තුළ සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ද අගමැති මෙහිදී අවධාරණය කළේයග තේ කර්මාන්තශාලා 13ක නිෂ්පාදනය අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබාදිය හැකි විසඳුම් සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා එසේ කියා සිටියේය.