කොරෝනා රෝගීන් 50යි

කොරෝනා වෛරසය හෙවත් කොවිඞ් – 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව අද (18 වැනිදා) සවස් වනවිට 50 දක්වා ඉහළ නැග ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ඊයේ (17 වැනිදා) දිනය වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 41 දෙනකු වාර්තා වූ බවත්, අද තවත් ආසාදිත රෝගීන් 9 දෙනකු අලුතින් හඳුනාගත් බවත් ඇය සඳහන් කළාය.