මෙරට 41 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ. රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවෙස් දී මියගොස් ඇති බවට කොවිඩ් මරණය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ඒ අනුව එම පුද්ගලයා මියගොස් සිටිය දී රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු ආසාදිතයෙක් බවට අනාවරණය වී තිබේ.