පොලස් වසම් කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23 වැනිදා) උදෑසන 5 සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා හෙට සිට ඉවත් කෙරේ.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලාභාවය පවතින අතර කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර පවතී.
තවද ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කිරීමට තීරණය කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක පමණක් සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වේ. ඒ අනුව මීගමුව, වත්තල, පෑලියගොඩ, රාගම සහ කැලණිය යන පොලිස් වසම්වල තව දුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක වේ.
මේ අතර මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබෙන මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ්පාස්, බ්ලුමෙන්ඩල්, කොටහේන, වරාය ප්‍රදේශය, ආදිරිප්පු වීදිය, ඩ්‍රෑම් ස්රිට්, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම්වල සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වේ.