රුපියල උඩට එයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය නැවත ශක්තිමත් වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව අද (01දා) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රු.193.17 ක් දක්වා අඩු වී තිබේ
.පසුගිය දිනවල බැංකු විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රු.200 ද ඉක්මවා ඉහළ ගොස් තිබිණි.එසේම අද වන විට ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 188.63 ක් දක්වා ද අඩු වී ඇත.