බකිංහැම් හැර යන හැරී සිය මව වූ ඩයනා කුමාරියගේ මරණය සිහිපත් කරයි

හැරී කුමරු සහ මේගන් මාක්ල් මෙම සති අන්තයේ රාජකීය ඉතිහාසය පිළිබඳව අතිශය වැදගත් සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි වීමට නියමිතව තිබේ. හැරී කුමරු බකින්හැම් මාලිගාව සම්බන්ධයෙන් කුමක් පවසයිද යන්න මේ වන විට කුතුහලය දනවන ප‍්‍රශ්නයක් පැන නැගී ඇති බවද එංගලන්ත මාධ්‍ය සඳහන් කරයි.
හැරී කුමරු සහ මේගන් සිය මව ඩෝරියා සමග සැන්ටා බාබරා වටා ගමන් කරන ඡුායාරූපයද රාජකීය ජීවිතය සම්බන්ධය යමක් පවසන බවට මේ වන විට විචාරකයන් ඉඟි පළකරමින් සිටියි. 36 හැවිරිදි හැරී කුමරු අව්කණ්නාඩි යුගලක් පැළඳ රේන්ජ් රෝවර් මෝටර් රථය පදවමින් සිටින ඡුායාරූපය මේ වන විට ලොව පුරා ප‍්‍රචාරය වෙමින් තිබේ.
හැරී යුවළ ඉතාමත් සංවේදී මාතෘකාවන් සම්බන්ධයෙන් අදාළ පිටත්වීමේදී කතා කර ඇති අතර එහිදී බකිංහැම් මාලිගය සම්බන්ධවද ඔවුන් වැඩිදුරටත් කතා බහ කර ඇතැයි වාර්තා වේ. හැරී කුමරුගේ මව වන ඩයනා කුමරියගේ මරණය ගැන ඔප්රා සමග කතා කරමින් ඔහුගේ ලොකුම භීතිය ඉතිහාසය පුනරාවර්තනය වීම බවත් රාජකීය ජීවිතයෙන් සමුගෙන එක්සත් ජනපදයට යාමට තීරණය කළ බවත් හැරී කුමරු සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.