Thursday, January 15, 2026
Home Headlines Coronavirus නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01දා දක්වා දීර්ඝ කරයි

නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01දා දක්වා දීර්ඝ කරයි

රටපුරා මේ වනවිට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ලබන ඔක්තෝබර් මස 01දා අලුයම 4.00 දක්වා බලපැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගත්තේ අද (17දා) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන රැස්වීමේදීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.