නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සිට ක්‍රියාත්මකයි.

කොවිඩ් වසංගතයේ වත්මන් අවධානම් තත්වය සැළැකිල්ලට ගැනීමෙන් පසුව සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළ අතර ඒවා
අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන බවද නිවේදනය කර ඇත.

එනම් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250
දෙනෙකුට අවසර හිමිව අතරවිවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක
ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන බවද සඳහන් වේ.
කෙසේ නමුත් විවාහ මංගල උත්සව සඳහා මත්පැන් ලබාදීම තහනම් කර තිබේ.
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පම​ණක් උපකාරක පංති පැවැත්විය හැකි අතර,
එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය ඉඩ ප්‍රමාණයෙන් 50% ක් වන බවද නව සෞඛ්‍ය
මාර්ගෝපදේශවල සඳහන් කර ඇත.
සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇති
අතර ක්‍රීඩා තර​ඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදී නොමැත.
නිවස තුල පැවැත්වෙන උත්සවයකට සහභාගි විය හැකි සංඛ්‍යාව 10කට සිමා කර තිබෙන බවත්
ශාලාවල පැවැත්වෙන පෞද්ගලික උත්සව සඳහා උපරිම 100 දෙනෙකුට සහභාගිවිය හැකි
බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.