සාජා ක්‍රීඩාංගණයේ පැවැති බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙමින් තිබූ වයස අවුරුදු 19න්
පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගය කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමක්
හේතුවෙන් අතරමඟදී නවතා දමා තිබේ.
ඒ වනවිට පළමුව පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ් කණ්ඩායම පන්දු ඕවර 32.4කදී කඩුලු 4ක්
දැවී ලකුණු 130ක් ලබා සිටියේය.
ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ එම තරගය ට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙක් කොවිඩ්
ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම තීරණය ගත් බවය. තවද ආසියානු ක්‍රිකට් කවුන්සිලය
නිවේදනය කළේ එම තරගය හා එක්වූ සියලු ක්‍රීඩකයින් සහ අනෙකුත් නිලධාරීන් ව සෞඛ්‍ය පරීක්ෂණ
සඳහා යොමු කෙරෙන බවයි.