ජනවාරි මාසයේ මෙරටට සංචාරකයින් 82000 ඉක්මවයි

පසුගිය වසරේ ජනවාරි මාසය හා සංසන්දනය කරන විට මෙම 2022 වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණී සංචාරකයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව පැවැසේ.
තවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු සිය නිල ෆේස් බුක් (Facebook) පිටුවේද සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ පසුගිය ජනවාරි මාසය තුළ සංචාරකයින් 82,327 ක් මෙරටට පැමිණ ඇති බවයි.

එම සංචාරකයින් අතර වැඩිම පිරිසක් රුසියාවෙන් පැමිණ තිබෙන අතර එම සංඛ්‍යා 13478කි. එසේම ඉන්දියාව (11751ක්), යුක්‍රේනය (7774ක්), එක්සත් රාජධානිය (7442ක්) , ජර්මනිය, ප්‍රංශය ඇතුළු තවත් රටවල් රැසකින් මෙකී සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබෙන බවද සඳහන්ය.
තවද ගෙවී ගිය වසර දෙකෙහි ජනවාරි මාසයන්ට අදාළව මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාලේඛණ සළකා බැලීමේදී 2019 වසරේ ජනවාරි මාසයේදී 244,239ක් සහ 2021 ජනවාරි මාසයේදී 1,682 ක් වශයෙන් වාර්තා වේ.