ලංකාවේ හදන කාර් එකක් ලක්ෂ 12 කට

ශ්‍රී ලංකාවේ නව මෝටර් රථයක් නිෂ්පාදනය කර ඇති අතර ඉතාමත් අඩු මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව එහි නිමැවුම්කරු පවසයි එය මේ වන විටත් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවීම විශේෂත්වයකි

යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ.

මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

මෙම රථයේ පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර මෙහි 200 සී.සී. එන්ජිමක් සවිකර තිබෙන අතර කිලෝ 814 ක බර රැගෙන යා හැකි බවත් අනාවරණය වේ.

මේ පිළිබඳව අන්තර්ජාල නාලිකාවක් සමග එහි නිර්මාණකරු අදහස් පල කර ඇත.