කෝවිඞ් මරණවලට අලූත් චක‍්‍රලේඛයක්

මෙරට සිදුවන කෝවිඞ් මරණ වෙනමම ගණනය කිරීම වෙනුවෙන් අලූත් චක‍්‍රලේඛනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කෝවිඞ් 19 වෛරසය ආසාධනය වී මිය යන පුද්ගලයන් වෙනුවෙන් වෛද්‍යවරුන් අනුගමනය කළ යුතු නිර්ණායකද හඳුන්වාදී ඇත.
ලෝක සෞඛය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ආකාරය කෝවිඞ් 19 වැළඳී මිය යන සියලූ දෙනාගේ මරණ සහතිකයේදී එය සටහන් කළ යුතුව තිබේ. යම් කිසි පුද්ගලයකු කෝවිඞ් 19 ආසාදනය වී මරණයට පත්වන්නේ නම් ඒ බවට සාක්ෂි ඇත්නම් පමණක් කෝවිඞ් මරනයක් බව සඳහන් කළයුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.