වෛරසය ලීක් වු හැටි හොයන්න ඇමරිකානු ජනාධිපති බුද්ධි අංශ යොදවයි

චීනයේ වූහාන් හී වෙළෙඳපල සත්ව සම්බන්ධතා හරහා හෝ එම නගරයේම ඉතා ආරක්ෂිත පර්යේෂණාගාරයකින් කොරෝනා වෛරසය මුදා හැරීම මගින් ලොවට ව්‍යසනයක් වූ වෛරසයේ සුල මුළ සෙවීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එරට බුද්ධි අංශ යොදවා තිබේ.
අදාළ වෛරසය පැතිර යෑමට මසකට පෙර වූහාන් රසායනාගාරයක සේවකයින් දෙදෙනකු චීනයේ රෝහල්ගත වු බවටද මේ වන විට සාක්ෂි ඉදිරිපත්ව ඇත. ඇමරිකාවේ පුවත්පතක් වන වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පතේ මෙය සංවාදාත්මකව පළවී තිබේ.
දින 90 ක් තුළදී නිශ්චිත නිමනයකට එළඹිය හැකි තොරතුරු රැුස් කරන ලෙස ජනාධිපති ජෝ බයිඩන් විසින් ධවල මන්දිරයේදී බුද්ධි අංශ වෙත නියෝග ලබාදී ඇත. මේ වන විටත් අදාළ රෝගයෙන් මිලියන 3.4 ක් මිය ගොස් ඇති අතර තවත් මිලියන ගණනක් රෝගී වී තිබේ.
කෙසේ වෙතත් වෛරසය ආරම්භ වු චීනය මේ වන විට අදාළ රෝගය මැඩ පවත්වා ඇත. අදාළ වෛරසය හිතාමතාම ජෛව ආයුධයක් බවට පත්කර ඇතිද යන්න ඇමරිකානු රජය සැක පළ කරයි. විද්‍යාගාරයකින් වෛරසය කාන්දුවීමේ කතාව චීනය හෙළා දකින අතර විදේශ අමාත්‍ය ෂාවෝ ලිජියන් පවසන්නේ ඇමරිකාවු වැරදි තොරතුරු පතුරුවා ඇති බවයි.