ප‍්‍රකට නිළි සබීතාගේ සැමියා මහ මගදී බිම ඇද වැටී අසාධ්‍ය තත්ත්වය

ශ‍්‍රී ලංකාවේ බිහිවූ සුප‍්‍රකට නිළියක් වන සබීතා පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ උපාලි ජයසිංහ මහතා කොළඹ වෝඞ් පෙදෙසේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසි හෘදයාබාධයක් වැළඳී බිම ඇද වැටී තිබේ.
ඔහු බිම ඇද වැටෙන අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇති අතර අනතුරුව විනාඩි 20 ක් යනතුරුත් කිසිවෙක් ඔහුගේ උදව්වට පැමිණ නැත. කොරෝනා රෝගියකු කියා මිනිසුන් අහල බලාගෙන සිටියදී ඒ අසලින් ගමන් කළ වෛද්‍යවරුයකු පැමිණ උපාලි මහතාව කොළඹ ජාතික රෝහලට රැුගෙන යෑමට කටයුතු කර ඇත.
අනතුරුව සබීතා පෙරේරා මහත්මිය පැමිණ ඔහුව පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර මේ වන විට උපාලි මහතා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.
කෙසේ වෙතත් එකපාරටම ඔහුව බිම ඇද වැටීමෙන් ඔළුවේ පිටුපස කොටස පාරේ වැදීමෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි සඳහන් වේ. සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයා මෙරට ඉදිරිකිරීම් ක්‍ෂේත‍්‍රයේ නම් දැරූ ව්‍යාපාරිකයෙකි.