ක‍්‍රීඩාවෙන් රට දිනවන්නට අනුප පස්කුවල්ගෙන් අලුත් වැඩක්

ග‍්‍රාමීය සහ නාගරික ක‍්‍රීඩාවන් ශක්තිමත් කරමින් සමස්ත රටේ ක‍්‍රීඩාවටම අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුප පස්කුවල් මහතාගේ සභාපතිත්වයෙන් නව ක‍්‍රීඩා සමාජයක් පසුගියදා ආරම්භ කළේය. මතුගම කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ එම ක‍්‍රීඩා සමාජය කළුතර දිස්ත‍්‍රික්කය පුරාම ඉදිරියේදී පිහිටුවාලීමට පස්කුවල් මහතා අදහස් කර තිබේ.
‘‘මේ රටේ ක‍්‍රීඩාවට අවශ්‍ය ශක්තිය ලබාදීමට ජනතා නියෝජිතයන් විදිහට අපි අලූත් සංකල්පත් එක්ක ඉදිරියට යන්න ඕන. ඒකට අවශ්‍ය සියලූ ශක්තිය ලබාදීම තමයි මේ නව ක‍්‍රීඩා සමාජය පිහිටුවීමේ අරමුණ. අපේ දක්ෂ තරුණ පරම්පරාව ඉදිරියට අරගෙන ගිහින් රටට අවශ්‍ය නිරෝගී සම්පන්න සහ දක්ෂ පිරිසක් මෙවැනි ක‍්‍රීඩා සමාජ ඔස්සේ බිහි කළ හැකියි. අපි පළමුවෙන්ම ක‍්‍රීඩා 18 කින් ආරම්භ කළත් ඉදිරියේදී තවත් ක‍්‍රීඩා එක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතුගම මහජන ක‍්‍රීඩාංගණය ක‍්‍රීඩාවට සුදුසු විදිහට සකස් කරන්නත් ක‍්‍රීඩකයන් විවේකාගාර සකස් කර දීමටත් බලාපොරොත්තු වෙනවා.’’ යැයි අදාළ ක‍්‍රීඩා සමාජය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුප පස්කුවක් මහතා පැවසීය.
අනුප පස්කුවල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව ක‍්‍රීඩා සමාජයේ ලේකම්වරයා වශයෙන් මතුගම කළාපයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂක දීප්ති සමරනායක මහතා තේරී පත්විය. මීට අමතරව උප සභාපතිවරුන් පස්දෙනු, ක‍්‍රීඩා ලේකම්වරුන් 18 දෙනකුද තේරී පත්විය.