හිටපු ක‍්‍රිකට් නායකයාව ගොවියෙක් කළ බිරිඳ රජයේ ඉඩමකට විඳියි

කෝටිපති ක‍්‍රිකට් කී‍්‍රඩකායේ වැටුප හත්දහසයිලූ
හොර හැඳුනුම්පතකුත් මාට්ටු
ක‍්‍රිකට් ක‍්‍රීඩකයා දෙළොවක් අතර

රජයේ ඉඩම් ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකසා රාජ්‍ය සේවකයන් සහ තැරැව්කරුවන් එක්ව ව්‍යාපාරිකයින්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ විවිධ ව්‍යාපාරික ප්‍රජාවට අලෙවි කිරීමේ ජාවාරමක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කෙරෙන බව තොරතුරු දැනගැනීමේ පනත අනුව හෙළිදරව් කිරීමට ඉකුත් දා හැකි විය.

දඹුල්ල සහ සීගිරිය අවට ප්‍රදේශවල කාලයක් තිස්සේ රජයේ ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩකඩම් වලට ද ව්‍යාජ ඔප්පු සහ බලපත්‍ර දීමනාපත්‍ර සකසා මෙම ඉඩම් ජාවාරම සිදු කරගෙන යන බව ප්‍රදේශය පුරා මහජනතාව දන්නා කරුණකි.

මේ පිළිබඳව කිසිදු අයෙකුගේ අවදානමක් යොමු නොකොට විශාල වශයෙන් සංචාරක හෝටල් සංචාරක කර්මාන්තය මෙන්ම විවිධ බෝග වගා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පැවතිණි. එමෙන්ම ඉඩම් අලෙවි කිරීම කූට ලේඛන සැකසීම පදිංචි සහතික ලබාදීම හැඳුනුම්පත් සැකසීම ආදී සියලු ඉඩම් ගනුදෙනු සඳහා සංවිධානාත්මක ඉඩම් තැරැව්කරුවන් රැසක්ද කිසිදු නීතියකට අවනත නොවී දඹුල්ලේ ක්‍රියාත්මක වෙමින් සිටිති.

කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ව්‍යාජ පදිංචි සහතිකල ව්‍යාජ හැඳුනුම්පත් සහ මාසික රුපියල් 7000 කට අඩු ආදායම්ලාභී අයකු ලෙස කූට ලේඛණ සකසා රජයේ ඉඩමක් පවරා දීමේ තොරතුරක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනත හරහා අනාවරණය කරගැනීමට හැකි විය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරී වරයෙක් හදිසි වැඩ තහනමකට ලක් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත තොරතුරු දැනගැනීමේ පනත හරහා මෙම රජයේ ඉඩම් කා විසින් කවුරුන් හට පැවරුවේ ද යන්න විස්තර ඉල්ලා අයදුම්පත්‍රයක් ලබාදීම සිදුකළ අතර එයට ලබා දුන් තොරතුරු අනුව ඉතා සූක්ෂම ලෙස මෙම සුවිශාල වූ හෙළිදරව්ව හෙළි කිරීමට හැකි විය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලත්තාව ප්‍රදේශයේ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නැමැති කාන්තාවක වන අඩු ආදායම්ලාභී කාන්තාවක විසින් මෙම ඉඩම රජයෙන් පවරා ගෙන භුක්ති විඳිමින් සිට තිබේ.

පසුව ඇයට එම ඉඩම භුක්ති විඳීමෙන් ඉඩම නඩත්තු කරගැනීමට නොහැකි නිසා තවත් අඩු ආදායම්ලාභී කාන්තාවකට පවරා දෙන ලෙස ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව හිමිකම් පැවරීම සඳහා වසමේ ග්‍රාම නිලධාරිවරයා මෙන්ම ඉඩම් නිලධාරි ජනපද නිලධාරිවරයාද හිමිකම් පරීක්ෂා කොට සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදිය යුතුය.

අවසානයේ දී ප්‍රාදේශීය ලේකම් විසින් එම පැවරීම සනාථ කරන අත්සන ඔහු විසින් යොදනු ලැබේ.

රජයේ ඉඩම් නොමිලයේ එසේ පැවරීම සිදුකරනු ලබන්නේ අඩු ආදායම් ලාභී පවුල් වල ආර්ථික සංවර්ධනය ඉටුකිරීම නිසාවෙනි.

ඒ අනුව ඉහළ ඇරෑවුල දඹුල්ල යන ලිපිනයේ පදිංචි බව කියන එහෙත් එහි පදිංචි නැති සුපිරි කතකට මෙම ඉඩම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය ගේ අත්සනින් යුතුව එය දෙසැම්බර් 14 දින පවරා ඇතිබව ලිපි ලේඛණ අනුව සනාත වී තිබේ. පැවරුම්කාරියගේ ස්වාමි පුරුෂයා ගොවිතැන් කරන මෙම දෙපළට දරුවන් නැති බවද ග්‍රාම නිලධාරිවරයා සනාථ කොට තිබේ.

අමතරව පවුලේ මාසිකව රුපියල් 7ල000ක අඩු ආදායම්ලාභී බව ද ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද ග්‍රාම නිලධාරිවරයා සනාථ කොට තිබේ. මෙම කාන්තාව ඉහල ඇරෑවුල දඹුල්ල යන ලිපිනයේ පදිංචි බවට ජාතික හැඳුනුම්පතක ඡායාපිටපතක්ද ලිපි ගොනුවට ඇතුළත් කොට ඇත්තේ පදිංචිය තහවුරු කිරීම සඳහාය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු අනුව එවැනි කතක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී හෝ පදිංචි වී නැත. ඉහළ ඇරෑවුල දඹුල්ල යන ලිපිනයේ පදිංචි හෝ ජාතික හැඳුනුම්පතක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නිකුත් කර නැත.

මෙම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ කවුරුන්ද යන්න තහවුරු වී නැත ග කාන්තාව අඩු ආදායම්ලාභී කාන්තාවක් බවට ග්‍රාම නිලධාරිවරයා ලිඛිතව පෙන්වා දී ඇති කාන්තාව ප්‍රවීණ ‍ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳ බව පසුව හෙළි විය.

තොරතුරු දැන ගැනීමේ පනත අනුව ලබාගත් දත්තයන් වලට අනුව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය කලාපයේ රුඩ් 2යි පර්චස් 15 ග1 රජයේ ඉඩමක් මෙසේ එම බිරියට පැවරී තිබේ.

මෙම වැරදි තොරතුරු ලබාදී රජයේ ඉඩම් ලබාදුන් ග්‍රාම නිලධාරීවරයාගේ සේවය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අප දිස්ත්‍රික් ලේකම් එස්ග එම්. ජී. කේ. පෙරේරාගෙන් විමසීමක් කළෙමුග ව්‍යාජ ලිපි ලේඛන සකසා රජයේ ඉඩම් පැවරීම සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණයට අනුව ගාම නිලධාරිවරයා ගේ සේවය අත්හිටුවා තිබෙන බවය. උදව් කළ තවත් පිරිස් ඇත්දැයි යන්න විශේෂ පරීක්ෂණයක් පවත්වා එම පිරිසට ද නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරියගෙන් විමසීමේදී කියා සිටියේ මෙම ලිපි ගොනුවට තමාගේ අත්සන යොදා තිබෙන බවය. ඉඩම් හිමිකම් පැවරීම සිද්ධියකදී ග්‍රාම නිලධාරීවරයා ඉඩම් නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් විශේෂ පෝරම් කිහිපයක් පිරවිය යුතු බවය. අඩු ආදායම්ලාභියකු බවට සහතික කිරීම එම අයට දරුවන් සිටී නම් ඒ දරුවන්ගේ කැමැත්ත ලබා ගැනීම වෙනත් සම්බන්ධකම් ඇත්නම් එය සනාථ කිරීම විශේෂයෙන්ම ඔවුන් අඩු ආදායම්ලාභී බවට සනාථ කිරීමල පදිංචිය සියල්ල සලකා බලා තමා අතට මෙම ලිපිගොනු ලැබෙන බවය. පහළ නිලධාරින් සනාථ කොට තිබීම හේතුවෙන් තමා එම ඉඩම් පැවරීම සඳහා තම අත්සන යෙදූ බව පැවසීය.

පසුව මෙම ඉඩම වෙනත් වාණිජ කටයුත්තක් සඳහා යොදා ගැනීමට අවැසි බව තමාට ලද දුරකතන ඇමතුමකින් අනාවරණය වූ බවත් පසුව තමන් මෙම ලිපිගොනු පරික්ෂා කිරීමේදී වැරදි තොරතුරු ඇතුළත් කොට ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වූයේ යැයි හෙතෙම සඳහන් කළේය.

ඉඩම පෙර අයිති පේළියේ පද්මිණී යන අයගෙන් අප විමසීමේදී කිවේ තමා හා සැමියා දැඩි අසනීප තත්ත්වයෙන් සිටින නිසා තම ඉඩම ආසන්නයේ ඉඩමේ අයකු ප්‍රතිකාර සඳහා උදව් කොට මුදල් ලබාදුන් නිසා තම ඉඩම ඔහුට පැවරූ බවය.

ඉඩම දැනට පැවරී ඇති ඉහළ ඇරෑවුල දඹුල්ල ලිපිනයේ පදිංචි බව කියන අඩුආදායම්ලාභී කාන්තාව හඳුනන්නේ නැති බවයගතොරතුරු දැනගැනීමේ පනත අනුව මේ ඉඩම් පැවරීමේ ලිපි ගොනු ලබාගෙන පරික්ෂා කිරීමේදී මෙම පැවරීමේ සාක්ෂිකරුවන් ලෙස ඩබ්ලිව් ජි අයි සංජිව අසේල සහ ඩබ්ලිව්. ජි.ඒ .ජි ගවර්ණසුරිය යන දෙන්නා අත්සන් තබා තිබේ.

අප මේ පිළිබඳව ඩබ්ලිව්ග ජිගඒ ගජි ගවර්ණසුරියගෙන් විමසීමේදී කීවේ තමන්ට හිතවතකු මාර්ගයෙන් අත්සන් තැබූ බවත් මේ පිළිබඳව කිසිවක් නොදැන අත්සන් කළ බවයග එමෙන්ම අනෙක් සාක්ෂිකරු වූ ඩබ්ලිව්ගජිගඅයිග සංජිව අසේල කියා සිටියේ ඉඩම පවරාගත් කාන්තාව වසර 10ක සිට දන්නා හඳුනන නිසා ඇය ඉඩම භුක්ති විඳිමින් සිටි යුවළට උදව් කළ නිසා මේ ඉඩම පැවරීමට අවශ්‍ය කටයුතු සිදුකළ බවයග මෙම ලියකියවිලි වල වරදක් ඇති නිසා ඒ බව ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කළ බව කීවේය. ඉඩම ලබාගත් කාන්තාව සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා සිටියදී කියා සිටියේ ඇය විදේශගතව සිටින බවය.

උපුටා ගැනීම සිළුමින පුවත්පත