ශ‍්‍රී ලංකාවේ නිළියක් සමග හර්බජාන් අලූත් වැඩක..

.
ඉන්දියානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක හර්බජාන් සිං ක‍්‍රිකට් පිටියෙන් ඔබ්බට ගොස් නළුවකු බවට පත්ව තිබේ. එහි විශේෂත්වය වන්නේ හර්බජාන් රඟපානු ලබන ‘මිත‍්‍රත්වය’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය වන්නේ ශ‍්‍රී ලංකාවේ සම්භවයක් ඇති ලොස්ලියා මරියානේසන්ය.
කිලිනොච්චිහී වෙසෙන ලොස්ලියා මීට පෙර ශ‍්‍රී ලංකා රූපවාහිණි නාලිකාවක නිරූපිකාවක් සහ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් කටයුතු කර තිබේ. හර්බජාන් රඟපාන මිත‍්‍රත්වය නැමැති චිත‍්‍රපටයේදී ඔහු ක‍්‍රීඩකයකු, සටන් නළුවකු සහ ආදරවන්තයකු වශයෙන් රංගනයෙන් දායකත්වය ලබාදෙයි.