ලබන වසරේ සිට ආනයනික නිමි ඇදුම් සඳහා බද්දක්

ලබන වසරේ සිට ආනයනික නිමි ඇදුම් සඳහා බදු මුදලක් අය කිරීමට කටයුතු කරන බව දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. දේශීය නිමි ඇඳුම් කර්මාන්තය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත් ලබන අප්‍රේල් මස 01 වනදා සිට මෙය ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා කියා සිටී. එහිදී රුපියල් 200 මිල රුපියල් 450 දක්වා විතර වැඩි වෙන බදු ක්‍රමයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.