ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා පාසල් දරුවන්ගේ පෝෂණය හා සෞඛ්‍ය වෙනුවෙන් ගිවිසුමක්.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ශ්‍රී ලංකාවේ පෝෂණය සම්බන්ධව
ඉහළම විද්‍යාර්ථීන් සේවය කරන වයඹ විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා පෝෂණ සංගමය සමග
පෝෂණය සම්බන්ධ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා (17දා)
ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ දී සිදුවිය.

මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනයට අවශ්‍ය
පෝෂණ අවශ්‍යතා, සෞඛ්‍යමත් අවශ්‍යතා සහ දෙපාර්ශ්වය මගින් එකඟවන්නා‌ වූ අනෙකුත්
විද්‍යාත්මක අවශ්‍යතා සඳහා මානව හා භෞතික සම්පත් හුවමාරු කරගැනීමත් ශ්‍රී ලාංකික ක්‍රීඩක
ක්‍රීඩිකාවන් සහ ශ්‍රී ලාංකික පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හඳුනාගැනීමට සහ අවශ්‍ය
නිර්දේශ ලබාදීමට පර්යේෂණ සිදුකිරීමටත් බලාපොරොත්තු වේ.

ඒ අනුව, අමාත්‍ය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල්රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික
ක්‍රීඩා සභාවේ නිර්දේශ මත විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව මෙම ගිවිසුම හරහා පළමුව ශ්‍රී
ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ඒමට හැකි බවට හඳුනාගත් ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩක
ක්‍රීඩිකාවන්ගේ පෝෂණ අවශ්‍යතා සැපයීමට කටයුතු කරන අතර ක්‍රීඩා පාසල් ද ඇතුළුව දිවයින
පුරා පාසල් දරුවන්ගේ හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේපෝෂණ හා සෞඛ්‍ය අවශ්‍යතා සලසා දීම,
මානව හා භෞතික සම්පත් හුවමාරු කරගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමමෙමගින්
අපේක්ෂා කෙරේ.

ක්‍රීඩා වෛද්‍ය ආයතනය හා වයඹ විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම
ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතා සහ වයඹ විශ්ව
විද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය පී.ජී.සී.ඒස්. බෝවත්ත මහතාඅතර සිදුවිය.

ක්‍රීඩා වෛද්‍ය ආයතනය හාශ්‍රී ලංකා පෝෂණ සංගමය සමග අදාළ ගිවිසුම අත්සන් තැබීම ක්‍රීඩා
වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතා සහ ශ්‍රී ලංකා පෝෂණ
සංගමයේ සභාපති මහාචාර්ය චන්දිමා වික්‍රමතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ
මහතා සහ එම අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම මහතා ඇතුළු විශ්ව විද්‍යාල
මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ නිලධාරී
මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.