05 සහ 06 යන දිනවල සියලුම සුරාසල් වසා තැබේ

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ලබන 05 සහ 06 යන දිනවල සියලුම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම මත දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. මේ අනුව මෙම තීරණයට අනුව කටයුතු නොකරන සුරාබදු බලපත්‍රධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට මෙන්ම එවුන්ට එරෙහිව කාර්මික අපරාධ චෝදනාවන් ඉදිරිපත් කිරීමටත් දිවයින පුරා සුරාබදු නිලධාරීන් යොදවා ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.