ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

ඊයේ (02 වැනිදා) හඳුනාගත් ආසාදිතයින් 8 දෙනාත් සමග මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2823 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ හඳුනා ගත් ආසාදිතයින් 8 දෙනා අතර 7 දෙනකු එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි නිරෝධායනය වෙමින් සිටි අයවලුන් වන අතර අනෙක් පුද්ගලයා ලංකාපුර අයෙකි.
මේ අතර ආසාදිතයින් 75 දෙනකු ඊයේ පූර්ණ සුවරය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර රෝගීන් 297 දෙනකු අද වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ ගණන 2514ක් වේ.