මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (02 වැනිදා) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වේ. එසේම රාත්‍රී 10 සිට ප්‍රචාරක යන්ත්‍ර භාවිත කිරීම තහනම් බවත් මැතිවරණ කොමිසම පවසයි. එසේ වුවද ගෙයින්ගෙට යෑම් සහ අත්පත්‍රිකා බෙදීම හෙට 03 වැනිදා සිදු කිරීමට හැකියාව ඇති බව ද, ඡන්ද පෙට්ටි රැගෙන යෑම සිදු කරන අගොස්තු 04 වැනිදා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකළ යුතු බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.