ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත් කරගන්නා බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව එම තීරණය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයටද ට්‍රම්ප් දන්වා යවා ඇති බවට වාර්තා වේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය චීනයෙන් ආරම්භ වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතිව කටයුතු කළ බවට ඇමරිකානු ජනාධිපතිවරයා චෝදනා කර සිටී. ඒ අනුව ඇමරිකාව විසින් ඔවුන්ට ලබා දෙන වාර්ෂික ප්‍රතිපාදන කපා හරින බවත් එම සංවිධානයෙන් ඉවත් වන බවත් ඇමරිකානු ජනාධිපත්වරයා ප්‍රකාශ කර තිබේ.