වැලිකඩ රැඳවියන් 310කගේ පීසීආර් පරික්ෂණ අවසන්

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 310 දෙනකුගේ පීසීආර් පරික්ෂණ මේ වන විට අවසන් බවතා ඉන් 210 දෙනකුගේ පරික්ෂණ ප්‍රතිඵල මේ වන විට ලැබී අවසන් බවත් ඉන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිලවා මහතා කියා සිටී.
මේ අතර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයා වාර්තා වීමත් සමගම බන්ධකාගාරයේ රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණිම තාවකාලිකව නතර කර තිබේ. තවද ඊයේ (07 වැනිදා) රාත්‍රියේ රැඳවියන් 186 දෙනකු වැලිකඩ බන්ධනාගාරයේ සිය පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.