තවත් නාකොටික් නිලධාරියෙක් අත් අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (07 වැනිදා) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ලවී තිබියදී පොලිසියෙන් වසන් වී සිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක සමන් වසන්ත මහතා ඊයේ දහවල් කඩවත පොලිසියට භාරවී තිබේ. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ ඔහුගෙන් පැය 72ක් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අවසර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටී.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 17 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.