විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

ඔස්ටේ්‍රලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙක් අද (19 වැනිදා) උදෑසන දිවයිනට පැමිණ තිබේ. මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අදාළ පිරිස කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.
මීට අමතරව ඉන්දීය ජාතික නාවිකයින් 58 දෙනකුද ඊයේ (18 වැනිදා) රාත්‍රි දිවයිනට පැමිණ තිබේ. ගාලු වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා අදාළ පිරිස මෙරටට පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.