ජනපතිගේ උපන්දිනයට රුවන්වැලි සෑයේදී පින්කමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රුවන්වැලි මහා සෑය ඉදිරිපිටදී සිය 71 වැනි උපන්දිනය නිමිත්තෙන් කිරි ආහාර පූජාවකට සහභාගි විය. ඔහුගේ වැඩිමහක් සොහොයුරු චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.
1949 ජුනි 20 වැනිදා මාතරදී උපත ලද ගෝඨාභ රාජපක්ෂ මහතා ඉකුත් නොවැම්බර් මසදී මෙරට අතිගරු ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්විය.