ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට මල පනින කොන්ත‍්‍රාත්තුව හැදුවේ අරවින්දයි ටොම් මුඩියි….

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් එක් එක් කාණ්ඩ අනූව ක‍්‍රීඩකයන් 24 දෙනකුට නව කොන්ත‍්‍රාත් ලබාදී ඇති අතර එම කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීමට සියලූම ක‍්‍රීඩකයන් විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ අනූව අදාළ කොන්ත‍්‍රාත්තුව සකස් කරන ලද්දේ අරවින්ද ද සිල්වා සහ ටොම්මූඩි ඇතුළත් කමිටුවක් මගින් බව ක‍්‍රීඩයන්ගේ කළමණාකරුවන් චෝදනා කර සිටිති.
යෝජිත කොන්ත‍්‍රාත් ක‍්‍රමය අනුව ඔවුන්ගේ මුලික වැටුපට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මේ දිනවල ශ‍්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරය කර ඇත්තේද කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීමකින් තොරවය. ඒ අනුව ඔවුන්ට ලබන ජුනි 03 වැනිදා වන විට කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීම අනිවාර්්‍යය වන අතර එසේ නොවුණහොත් එළැඹෙන එංගලන්ත සංචාරයට ඔවුන්ගේ සහභාගිත්වය වැට උඩ තත්ත්වයකට නිර්මාණය වේ.
ක‍්‍රීඩකයන්ගේ කොන්ත‍්‍රාත්තුව තක්සේරු කර ඇත්තේ තාක්ෂණ උපදේශක කමිටුවක් විසින් වුවද එම තක්සේරු කළ ආකාරයේ විනිවිද භාවය සම්බන්ධව ක‍්‍රීඩකයන් නීතිඥයන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ. නව කොන්ත‍්‍රාත්තුව ලබාදී ඇත්තේ කාර්ය සාධනයට 50% ක්, යෝග්‍යතාවට 20% ක්, වෘත්තීයභාවයට 10% ක් වශයෙනි. අදාළ නිර්ණායකවලදී ඔවුන්ට ලකුණු ලබාදීමේ අනුගමනය කළ පියවර සම්බන්ධයෙන් ක‍්‍රීඩකයන් තර්ක කරමින් සිටියි.
පසුගිය වසරේ ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුවට වඩා 35% කින් වැටුප් කප්පාදුවක් නව කොන්ත‍්‍රාත් ක‍්‍රමය මගින් සිදුව ඇතැයි ක‍්‍රීඩකයන් විසින් චෝදනා කර සිටියි. ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඞී’යනුවෙන් කාණ්ඩ හතරක් යටතේ ක‍්‍රීඩයන් 24 දෙනා කොන්ත‍්‍රාත් ගත කර තිබුණද සෑම කණ්ඩායමකට ටියර් 1, 2 සහ 3 වශයෙන් කොටස් තුනකට කඩා තිබීමද විශේෂත්වයකි.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ඉකුත් වසරේ ලබාදී ඇති කොන්ත‍්‍රාත්තුව අනූව ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩකයකු ඇ.ඩො. 130,000 ක් වාර්ෂිකව හිමිවේ. එය වසරකට ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 25.6 ක් හෙවත් මාසිකව රුපියල් 21,34,220 කි. නමුත් නව කොන්ත‍්‍රාත් ක‍්‍රමය අනූව ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩකයකුට හිමිවන්නේ වාර්ෂිකව ඇ.ඩො. 100,000 ක් වැනි මුදලකි. එය වාර්ෂිකව ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 19.7 ක් හෙවත් මාසිකව රුපියල් 16,41,708 කි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙනුවෙන් අදාළ කොන්ත‍්‍රාත් ප‍්‍රශ්නය සම්බන්ධව පෙනී සිටින නීතිඥ නිශාන් සිඞ්නි පේ‍්‍රමතිරත්න මහතා විසින් මාධ්‍යට ලිපියක් මදු හැර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමණාකරණ කමිටුව විසින් ක‍්‍රීඩකයන්ට ගෙවනු ලබන කොන්ත‍්‍රාත් ගාස්තු සම්බන්ධ තොරතුරු මහජනයාට මුදා හැරී සම්බන්ධයෙන් ඔවුන් කම්පනයට සහ කලකිරීමට පත්ව සිටින බවයි. වෙනත් රටවල ක‍්‍රීඩකයින්ගේ ඉපැයීම් සම්බන්ධව අවධානය යොමුනොකිරීම, ක‍්‍රිකට් ආයතනයට අනුබද්ධ නිලධාරීන්, පරිපාලකයන්, පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන්ගේ වැටුප් අනාවරණය නොකර ක‍්‍රීඩයන්ගේ වැටුප් පමණක් මහජනයාට ලබාදීම වැරදි බව ඔවුන් පෙන්වා දී තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩකයන්ට ලබාදී ඇති කොන්ත‍්‍රාත්තුව 2021/2022
‘ඒ’1 කාණ්ඩය (ඇ.ඩො. 100,000)
ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල
‘ඒ’ 2 කාණ්ඩය (ඇ.ඩො. 80,000)
ඇන්ජලෝ මැතිව්ස්
‘ඒ’ 3 කාණ්ඩය (ඇ.ඩො. 70,000)
දිමුත් කරුණාරත්න
‘බී’ 1 කාණ්ඩය (ඇ.ඩො. 65,000)
දසුන් ශානක සහ සුරංග ලක්මාල්
‘බී’ 2 කාණ්ඩය (60,000)
ලසිත් ඇඹුල්දෙණිය සහ වනිඳු හසරංග
‘බී’ 3 කාණ්ඩය (ඇ.ඩො. 55,000)
පැතුම් නිශ්ශංක සහ ළහිරු තිරිමාන්න
‘සී’ 1 කාණ්ඩය (ඇ.ඩො. 50,000)
කසුන් රජිත සහ දුෂ්මන්ත චමීර
‘සී’ 2 කාණ්ඩය (ඇ.ඩො.45,000)
දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන්
‘සී’ 3 කාණ්ඩය (ඇ.ඩො. 40,000)
ඉසුරු උදාන සහ විශ්ව ප‍්‍රනාන්දු
‘ඞී’ 1 කාණ්ඩය (ඇ.ඩො. 35,000)
ඕෂධ ප‍්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස්
‘ඞී’ 2 කාණ්ඩය (30,000)
ධනුෂ්ක ගුණතිලක සහ ළහිරු කුමාර
‘ඞී’ 3 කාණ්ඩය (ඇ.ඩො. 25,000)
අකිල ධනංජය සහ අශේන් බණ්ඩාර