සිරකරුවෝ ජීවිත අවධානමක….

මෙරට බන්ධනාගාර ගතව සිටි දහස් සංඛ්‍යාත සිරකරුවන්ගෙන් 40% කට ආසන්න සංඛ්‍යාවකට කෝවිඞ් 19 ආසාදනය වීමේ ප‍්‍රවණතාවක් ඇති බවට ‘ශ‍්‍රී ලංකන්ටයිම්ස්’ කළ සොයා බැලීමකදී අනාවරණය විය. මේ සම්බන්ධව රජයේ අවධානය යොමුව ඇති බැවින් බොහෝ සිරකරුවන්ට ඇප ලබාදීමේ ක‍්‍රමවේදයක්ද සකස් කර තිබේ.
වැලිකඩ, වැලිසර, කළුතර, බුස්ස ඇතුළු සිරමැදිරි බොහොමයකට අදාළ කෝවිඞ් 19 අවධානය ශීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ‘සියලූම සිරකරුවෝ මනුෂ්‍යයෝය’ යන තේමා පාඨය තිබුණද මේ වන විට ඔවුන් වැරදිකරුවන් වුවත් නැතත් ගෝලීය වසංගතයෙන් එම පුද්ගලයන්ව මුදවා ගැනීම රජයේ ප‍්‍රමුඛ කාර්්‍යයක් වී තිබේ.
බොහෝ අධිකරණ සේවකයන්, පොලිස් නිධාරීන් ඇතුළු රජයේ නිළධාරීන්ද විවිධ අයුරින් කෝවිඞ් වසංගතයට ගොදුරු වන යුගයක නඩුහබ සම්බන්ධ තීන්දු තීරණද ප‍්‍රමාද වෙමින් තිබේ. එවැනි පසුබිමකදී වැලිකඩ බන්ධනාගාරයේ නිළධාරියකුගෙන් අප කළ විමසීමකදී පවසා සිටියේ,‘‘අයියෝ මහත්තයෝ මෙහේ හැමතැනම වගේ කොරෝනි තියෙවා. දහයක් පී.සී.ආර් කළොත් පහකටවත් පොසිටිව්.’’ යනුවෙනි.
සිරකරුවන් කිහිප දෙනෙකුම පසුගිය කාලයේදී අදාළ වෛරසයෙන් පීඩා විඳ ඇති අතර එහිදී කිහිප දෙනෙකුම මරු මුවට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වේ.
උද්ගතවී ඇති තත්ත්වය අනුව බන්ධනාගාර නිළධාරීන්ද දැඩි අපහසුතාවකට පත්ව තිබේ. ඒ අනූව සිරමැදිරිවල තදබදය අඩුකිරීම සහ ඒ සම්බන්ධව විධිමත් වැඩපිළිවෙලක් සකස් කරමින් කටයුතු කිරීමට අදාළ අමාත්‍යාංශවලද ප‍්‍රමුඛ කාර්්‍යයක් වනු ඇත.