මියන්මාරයේ විරෝධතාකරුවන්ට හමුදාවෙන් වෙඩි…

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව පැවැත්වෙන විරෝධතාවලට එරෙහිව එරට ආරක්ෂක අංශ සජිවි පතුරම් යොදා වෙඩි තැබීමත් සමග එම විරෝධතා දරුණු අතට හැරී තිබේ. ඒ අනුව මේ දක්වා එළෙස සිදු කළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 20කට ආසන්න වේ.
පසුගිය පෙබරවාරි 1 වන දා මියන්මාර නායිකා අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට හමුදාව රටේ පාලන බලය සියතට ගත් අතර පසුව මෙම හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් හා යළි ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපනය කරන ලෙස බල කරමින් දහස් ගණන් මියන්මාර වැසියන් මහ මගට බැස මේ වන විට සති දෙකක් තිස්සේ විරෝධතාවල නිරත වේ.