සහරාන් මරාගෙන මැරෙන කාන්තාවෝ 15ක් පුහුණු කරලා…

පාස්කු ප්‍රහාරයේ මෙහෙය වූ බවට සැක කෙරෙන සහරාන් හෂීම් විසින් මරාගෙන මැරෙන කාන්තාවන් 15 දෙනෙකු පුහුණු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මාවනැල්ල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් තරුණියගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
කෙසේ වෙතත් එම කාන්තාවන් 15 දෙනාගෙන් 5 දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සයින්දමර්දුහි සිදුවූ පිපිරීමෙන් මියගොස් ඇති බවටයි. අනාවරණය වී තිබෙන්නේ. අනෙක් සියලුදෙනා මේ වන විටත් බන්ධනාගාරගතව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ සිටින බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.