23 වැනිදා සිට සාමාන්‍ය පෙළ උපකාරක පන්ති තහනම්

2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 10 තෙක් පැවැත්වීමට නියමිත අතර, එම සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වනදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට තීරණයකර තිබේ. ඒ අනුව ඊට අදාළ පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත්ල කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර කරමින් 2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව එළඹෙන 23වනදා මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.