ක්‍රීඩා අමාත්‍ය නාමල් ඇතුළු පිරිසකට නොතීසි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාව සකස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් මාර්තු මස 15 වනදා කරුණු දක්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුනි, මයිකල් තිසේරා, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුක්, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක ඇතුළු 12 දෙනෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයකර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස්කරන ලෙස ක්‍රීඩා බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.