කුසල්- ධනුෂ්ක – දික්වැල්ල විනය හදාගෙන යළිත් පිටියට

විනය කඩ කිරීම චෝදනාවට ලක්වීම හේතුවෙන් වසරක තරඟ තහනමට ලක්ව සිටි කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ලට එරෙහිව පනවා තිබූ එම තරඟ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
පසුගිය වසරේ ජුනි මාසයේ පැවැති එංගලන්ත තරග සංචාරයක් අතරතුර පනවා තිබූ සෞඛ්‍ය ආරක්ෂක නීති පද්ධතිය උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයින් තිදෙනා චෝදනාවට ලක්විය. පසුව, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ක්‍රීඩකයින්ට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගත්තේය.
කෙසේ වෙතත් අවශ්‍ය යෝග්‍යතා මට්ටම් සපුරාලීමට සමත් වන්නේ නම් පමණක් ඔවුන් එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරයේ තේරීම් සඳහා සළකා බැලීමට නියමිත බවද ක්‍රිකට් ආයතන් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.