පලස්තීනයේ මිනී වලවල්වලට ක‍්‍රීඩකයන්ගෙන් දෝස්මුරයක්

මේ වන විට පලස්තීනයේ හටගෙන තිබෙන යුද්ධය හේතුවෙන් ළමුන් 16 දෙනකු ඇතුළුව 69 දෙනකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. ලොව පුරා කෝවිඞ් 19 වසංගතය පැතිරෙන මොහොතක මෙවැනි කුරිරු යුද්ධ තදින්ම හෙළා දකින බව ජාත්‍යන්තර ක‍්‍රීඩකයෝද පවසති.
එහිදී ඇෆ්ගනිස්තාන් ක‍්‍රිකට් ක‍්‍රීඩක රෂිඞ් ඛාන් පවසන්නේ, ‘‘ලොව පුරා ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයකු ලෙස මට මේ යුද්ධය ලෝකයෙන්ම බැහැර කිරීමට අවශ්‍යයි. ඇෆ්ගනිස්තාන, පලස්තීන මිනිසුන් ඝාතනය වීම බලා සිටිය නොහැකියි. දරුවෙකු ඝාතනය කිරීමට තවත් අපරාධයක්. ’’ යනුවෙන් පවසයි.
හිටපු ඉන්දීය ක‍්‍රීඩක ඉර්ෆාන් පතන් පවසන්නේ, ඔබට මනුෂ්‍යත්වයේ සුළු ප‍්‍රමාණයක් හෝ තිබේ නම් පලස්තීනයේ සුරක්ෂිතභාවයට සහය වන්න.’’ යනුවෙනි. දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන කාගිෂෝ රබාඩාද පලස්තීන කුරිරු යුද්ධය හමුවේ දෝස් මුරයක් නගමින් සඳහන් කරන්නේ, ‘‘මනුෂ්‍යත්වය ගෑවිලවත් තියෙනවනම් මේ යුද්ධයට කිසිවෙක් සහය නොදක්වයි.’’ යනුවෙනි.
මීට අමතරව ලොව පුරා පාපන්දු ක‍්‍රීඩකයන්ද පලස්තීනයේ ඇවිළෙන යුද ගිණිදැල් හෙළා දැක තිබේ.