ප‍්‍රභාකරන්ගේ මස්සිනාගේ ‘ගොන්පාට්’ අතේ මාට්ටු

හිටපු එල්.ටී.ටී. නායක ප‍්‍රභාකරන්ගේ මස්සිනා වන ශිවාජලිංගම් විසින් සංවිධානය කර තිබු මිය කොටි සැමරීමේ උත්සවයක් ආරක්ෂක අංශවලට අනාවරණය වීමෙන් එය වලකා ඇති බවට වාර්තා පළ වේ.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම්ගේ නිවස හා එය පිහිටි ප්‍රදේශය දැඩි පරීක්ෂාවට ලක් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කර තිබෙනවා. මෙම මෙහෙයුම සඳහා යුද හමුදාවේ හා පොලිසියේ විශාල පිරිසක් පැමිණ තිබෙන බව සඳහන්.

යුද්ධයේදී මිය ගිය පිරිස සමරා උතුරේදී ආරම්භ වන සැමරුම් සතියේ පළමු දිනය වෙනුවෙන් ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ඔහුගේ නිවස ඉදිරියේ බැනරයක් යොදා ඇති බව සඳහන්.

අනතුරුව එම ස්ථානයේ පහන් දැල්වීමක් ද සංවිධානය කිරීමට ඔහු ක්‍රියා කර තිබෙනවා.

මෙය සැළවීමෙන් පසුවයි ආරක්ෂක අංශ ඔහුගේ නිවස වටා වූ ප‍්‍රදේශය පරීක්ෂාවට ලක් කොට තිබෙන්නේ.

කෙසේ නමුත් ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ ආරක්ෂක අංශවල කිසි කෙනෙකු සිය නිවස තුළට නොපැමිණි බවයි.

මේ අතර යාපනයේ ආරක්ෂක අංශ නිලධාරියකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබෙන්නේල හිටපු මන්ත‍්‍රීවරයාගේ නිවසේ සිට රාත්‍රී කාලයේ විශාල පිරිසක් මුලතිව් බලා රිය පෙරහැරකින් ගමන් කිරීමට කටයුතු යොදා ඇති බවට තොරතුරක් ලැබුණු බවයි.