උසේන බෝල්ට්ටත් කොරෝනා ආසාදනය වෙයි

ඔලිම්පික් පදක්කම් ලාභි උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මීටර් 100 සහ මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන උසේන් බෝල්ට් මේ වන විට මලල ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් සිටින අතර ඔහුගේ 34 වැනි උපන්දිනය පසුගියදා යෙදී තිබිණි. ඒ අනුව එම උපන් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු සාදයකින් අනතරුව සිදු කළ පීසීආර් පරික්ෂණයකට අනුව බෝල්ට් හට කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍යක් වන නේෂන් වයිඞ් රේඩියෝව වාර්තා කර සිටී.
කෙසේ වෙතත් වාර්තා වන අන්දමට බෝලට්ගේ පෙම්වතිය වන කාසි බෙනට් විසින් මෙම උපන් දින සාදය සංවිධානය කර තිබෙන අතර එම සාදයේදී කිසිවෙකු මුඛ ආවරණ පැළඳ සිට නොමැති බවද මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර ඇති ඡායාරූප සමහ වීඩියෝවල දැක් වේ. මීට අමතරව මෙම සාදය සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් සහ රෙගේ ගායක ක්‍රිස්ටෝපර් මාටින්ද සහභාගි වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටී.
මේ වනවිට ජමෙයිකාවේ කොරෝනා ආසිදිතයන් ගණන 1413ක් වන අතර ඉන් මරණ 16ක් වාර්තා වී තිබේ.