විදුලිය බිඳවැටීම ගැන සොයන්න පත් කළ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදුලිය බිඳවැටීම සම්බන්ධව සොයාබැලීමට පත්කල කමිටුවේ මූලික වාර්තාව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් හෙට (26 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. විදුලිය බිඳවැටීම පිළීබදව සොයා බැලීමටත්, එවැනි තත්ත්වයන් නැවත ඇතිවීමේ ප්‍රවණතාවය අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනාගැනීමටත්, මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නව දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළ අතර ඔවුන් විසින් අදාළ වාර්තාව ඊයේ ඩලස් අලහප්පරුම මහතාට භාරදී තිබිණි. පසුගිය 18 දින සිය ප්‍රථම කමිටු රැස්වීම පැවැත්වූ මෙම කමිටුව විසින් අදාළ විදුලිය බිදවැටීමේ සිද්ධියට බලපා ඇති හේතු සාධක සම්බන්ධයෙන් සියලු කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම වාර්තාව සකස්කර ඇත.