මත්ද්‍රව්‍ය භාවිත කරන රැඳවියන් සොයන්න නවීන තාක්‍ෂණය

The MX908 detects the possible presence of fentanyl in a drug sample.

බන්ධනාගාරගතව සිටින රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින්නේද යන්න සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මේ සඳහා නවීන තාක්‍ෂණය යොදා ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. අහුඹු ලෙස තෝරාගත් රැඳවියන් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට ලක් කිරීමට නියමිතය. මත්ද්‍රව්‍ය භාවිත කළ යම් රැඳවියෙකු එහිදී අනාවරණය වුවහොත් ඔහු හරහා මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ සිදුකරන බව ද කොමසාරිස්වරයා කියා සිටී. මේ වන විට අදාළ පරීක්‍ෂණ කටයුතු සඳහා යොදාගන්නා උපකරණ කට්ටල දහසක් බන්ධනාගාරවලට ලබාදී තිබේ.