Thursday, April 25, 2024
Home Headlines සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් මිල පාලනය කිරීම සහ පවතින සහල් හිඟයට පියවරක් ලෙස සහල් මෙටි්‍රක් ටොන් 6,000ක් කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

පකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඇති විධිවිධාන අනුගමනය කරමින් කඩිනමින් මෙම සහල් ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(18දා) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.