කෑගල්ලේ කඩ වැසීම නගරාධිපති වළක්වයි

අද දින සිට සති 02ක කාලයකට කෑගල්ල නගරයේ කඩ සාප්පු වසා දැමීමට කෑගල්ල නගරයේ වෙළඳ සංගම් ගත් තීරණය කෑගල්ල නගරාධිපතිවරයාගේ මැදිහත්වීම මත තාවකාලිකව අත්හිටුවා තිබේ.

වෙළඳ සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේය 31 වැනි දින දක්වා සියලුම වෙළඳ සැල් වසා දැමීමට ඊයේ දිනයේ තීරණය කර තිබු බවත් කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස පැතිරී යාම හේතුවෙන් ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තරණය ගත් බවත්ය.

කෙසේ නමුත් කෑගල්ලේ නගරාධිපතිවරයා තමන්ට දුරකථනයෙන් අමතා එම තීරණයට එකඟ නොවන බවත් වෙළඳසැල් විවෘත කරන ලෙස දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

නගරාධිපතිවරයා සඳහන් කරන්නේ නගරයේ වෙලදසැල් වසා දැමුවොත් නගර සභාවට විශාල අලාභයක් සිදු වන බවත් නගරය වසන්නේ නම් නගරාධිපතිවරයා හෝ ආණ්ඩුකාරවරයා දැනුම් දිය යුතු බවත් බවත්ය. දේශපාලන වුවමනාවන් මත නගරයේ වෙලද සැල් වසා දමන්නට තමන් ඉඩනොදෙන බවත් නගරාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.