කොළඹ ගැන හොඳ කියයි

සීඑන්එන් ට්‍රැවල් (CNN Travel) නම් ජාත්‍යන්තර ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවන්ට
අනුව 2022 නව වසරේදී සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 22 අතරට ශ්‍රී ලංකාවේ කොළඹ නගරයද නම්කර
ඇත.

කොළඹ නගරයේ ඇති සුවිශේෂතා ගැන සංචාරකයින් හරිහැටි වටහාගෙන නොමැති බවත් විශාලතම නගරය
වුවද ශ්‍රී ලංකාවේ අගනුවර කොළඹ නොව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බවත් එම වාර්තාව සැකසූ ලිලිට් මාකස්
සඳහන් ක ඇත. එය සංචාරකයින්ට ප්‍රශ්නාර්ථයක් මතුකරන කදිම කරුණක් විය හැකි බවත් ලිලට් වැඩිදුරටත්
ඔහුගේ සටහනේ පවසා ඇත.
ශ්‍රී ලංකාවේ රසවත් ආහාර අසල්වැසි ඉන්දියාවේ ආහාර වේ යැයි නොසිතන ලෙසත් සශ්‍රීක උදෑසන භෝජන සංග්‍රහයේදී පොල් සම්බල් සහ බිත්තර ආප්ප වැනි ආහාර වලින් කුස පුරවාගෙන දවස අරඹන්නට හැකි බවත් ඔහු සඳහන් කර ඇත. පිටකොටුව පාවෙන වෙළඳපොළට ගොස් පසුව සන්ධ්‍යාවේ ගාලු මුවදොර හෝටලයේ සිට වෙරළේ හිරු බැස යෑම නැරඹීමෙන් දවස අවසන් කරන්නට අවස්ථාව ඇති බවද ලිලට් ගේ කොළඹ ගැන ලියූ සටහන් අතර වේ.

සංචාරය කිරීමට සුදුසු යැයි CNN Travel වාර්තාවේ සඳහන් අනෙකුත් ස්ථාන මෙසේය .
ඇන්ටිගුවා සහ බාබුඩා (ANTIGUA AND BARBUDA)
බිසාගෝස් දූපත්- ගිනියාව-බිසාව් (BISSAGOS ISLANDS, GUINEA-BISSAU)
කේප් බ්‍රෙටන්- නෝවා ස්කෝටියා (CAPE BRETON, NOVA SCOTIA)
චිලී (CHILE)
කොළඹ (COLOMBO)
ඩිජොන්- ප්‍රංශය (DIJON, FRANCE)
ඩිස්කෝ බේ- ග්‍රීන්ලන්ඩ් (DISKO BAY, GREENLAND)
ගැබොන් ජාතික උද්‍යාන-ජෝර්දානය (GABON NATIONAL PARKS JORDAN)
ලාති, ෆින්ලන්තය (LAHTI, FINLAND)
මුංග-තිරි-සිම්සන් කාන්තාරය- ඕස්ට්‍රේලියාව (MUNGA-THIRRI-SIMPSON DESERT, AUSTRALIA)
නේපල්ස්- ඉතාලිය (NAPLES, ITALY)
ඔලන්ටායිටම්බෝ- පේරු (OLLANTAYTAMBO, PERU)
ඕර්ක්නි දූපත-එක්සත් රාජධානිය (ORKNEY ISLANDS, UK)
ඔස්ලෝ (OSLO)
පලවු (PALAU)
පෙනං- මැලේසියාව (PENANG, MALAYSIA)
දකුණු අප්‍රිකාව (SOUTH AFRICA)
ශාන්ත එයුස්ටැටූස්- නෙදර්ලන්තය (ST EUSTATIUS, NETHERLANDS)
ටුල්සා- ඔක්ලහෝමා (TULSA, OKLAHOMA)
වැලෙන්සියා- ස්පාඤ්ඤය (VALENCIA, SPAIN)
යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය (YELLOWSTONE NATIONAL PARK)