බංකුවේ සිටි ඇමැති සුසිල් ගෙදරම යවයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ ඉගෙනුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ධූරයෙන් ඉවත් කර ඇති බව
ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.
මෙරටට තිබූ විදෙස් ආක්‍රමණ හමුවේදීවත් කෘෂිකර්මාන්තයට මෙවැනි හානියක් සිදුනොවූ බවත් රට කරන්න
බැරි අය අයින් වෙලා පුළුවන් අයට බාර දෙන ලෙසත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය දා
මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් පවසා තිබුණි. තමන් දැන් බංකුවේ සිටින බවත් තීන්දු ගන්නා තැන්වල තමන්
නොසිටි බවත් ඔහු පවසා තිබුණි.